Rathnadeepa


රත්නදීප ජන්ම භූමි

 

රත්නදීප ජන්ම භූමි


රත්නදීප ජන්ම භූමි
ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි

මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි

සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධ වී
රන් කරල් නමා හමා
සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි

ගංගා තරංග රාව දී රිදී වනින්
මල් පිපී කුලින් කුලේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැගී
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

ගායනය හා සංගීතය: ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව මහතා

ගේය පද: මහගම සේකර මහතා


ගායනය හා සංගීතය: ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව මහතා(උපත: 1927 දෙසැම්බර් 05 – අභාවය: 2016 නොවැම්බර් 03)


ගේය පද: මහගම සේකර මහතා

(උපත: 1929 අප්‍රේල් 7 – අභාවය: 1976 ජනවාරි 14)