Ranwan Karal Salei


රන්වන් කරල් සැලෙයි

 

රන්වන් කරල් සැලෙයි


රන්වන් කරල් සැලෙයි – සන්සුන් කමින් බරව
සිල්ගත් සිතින් යුතුවූ කතසේ//
මඳ සුලඟ හා සමග
බඳ සලන විට සබඳ
පෙම් මල් උදා කරති සතොසේ///
ගංහෝ ජලෙන් පිරෙත
ගොවි බිම් පලින් සුසැදි
දුක් දොම්නසින් ඉවත ඇදුනා//
වන ගසෙහි සියොතුනගෙ
මිහිරි ගී රස වැළඳ
ගහ වැල ද පිපුණා
මල් පලින් සැදුණා
රස බරින් සැලුණා
ගමට නව සඳ එළිය වැටුණා
බල කුමුදු පිපුණා
සැම දනන් සිත් සතන් නිවුණා//
රන්වන්…//

ගායනය හා සංගීතය: ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව මහතා

ගේයපද: මඩවල එස්.රත්නායක මහතා


ඕනෑම ජීවියෙකුගේ මූලික අවශ්යතා දෙක වන්නේ ආහාර සහ ජලයයි. නමුත් සොබාදහමේ සුන්දරත්වයෙන් තෘප්තිමත් වන තැනැත්තා අන් කිසිවෙකු නොව මිනිසා පමණි. මිනිස් මනස ලිහිල් කළ හැක්කේ සොබාදහම ඔහුට හිතකර වූ විට පමණි.

ප්රවීණ ගීත රචක මඩවල එස්. රත්නායකයෝ මෙම අද්විතීය ගීතයේ පද රචනය සමඟ සිංහල ගීත ලෝලීන්ට මෙම සදාකාලික සත්යය සහ එහි සුන්දරත්වය එක් පතක තබා පිළිගන්වති.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයෝ සිංහල ජන සංගීතය පිළිබඳ එතුමන්ගේ අනභිභවනීය හා අසමසම ප්රවීණත්වය තුළින් දේශීය සංගීත භාවිතයන්හි සන්සුන්, පිරිපහදු කළ සංස්කෘතික නිධානයන් ඇසුරු කොට මෙම ගීතය සිංහල සංගීත ක්ෂේත්රයේ කිරුළු පළඳින මිල කළ නොහැකි ගී මිණක් බවට පත් කරති.
ගැමි සුවඳකින් යුත්, මනාව ගැලපෙන ගීතයේ  පද මාලාව ඉන්ද්‍රජාලික සුන්දරත්වයේ ගංගාවකි. ගංගා ජලය, කුරුල්ලන්, මල් හා පලතුරු සහිත ගස්, නව සඳ එළිය, ගීතවල මිහිරි රසය වැනි වචන ශ්‍රාවකයා ගැමි මං ඔස්සේ ශ්‍රී ලාංකික ගැමි ජීවිතයේ සුපසන් වටපිටාව වෙත කැඳවාගෙන ගෙන යයි.
වන ගසෙහි සියොතුනගෙ
මිහිරි ගී රස වැළඳ
ගහ වැල ද පිපුණා
මල් පලින් සැදුණා
රස බරින් සැලුණා
ගමට නව සඳ එළිය වැටුණා
බල කුමුදු පිපුණා
සැම දනන් සිත් සතන් නිවුණා//
මිනිසාගේ අධ්යාත්මය සුවපත් කිරීමට සංගීතය තරම් දිව ඔසුවක් තවත් නොමැත. සංගීතය භාවනාවකි. දිවි සරතැස නිවා සිත් පබුදාලන චින්තනාවලියක් නිර්මාණය වන්නේ ගී නාද මියුරු මදිරාවෙන්මය.
මෙම ගීතයේ ඇති විශේෂ ගුණාංග අතර, ගමේ හරිත ප්‍රදර්ශනයේ සුන්දර හා නයනානන්දනීය දසුන පිළිබඳ ක්‍ෂණික වර්ණවත් රූපයක් පින්තාරු කිරීමේ හැකියාව ඇති උචිත රූපක මගින් සුසංයත වූ බස කැපී පෙනේ.
අමරදේව නම් වූ ප්රවීණයා සිය විස්මිත හා අද්විතීය සංගීත හැකියාවෙන් ප්රේක්ෂකයන්ට අමරණීය සංගීත රස සංග්රහයක් පිළිගන්වන්නේ ඔහුගේ ගායක කණ්ඩායම සමඟ එක්ව මෙහි බලපෑම වඩාත් තියුණු කරමිනි. ප්රවීණයන් දෙදෙනාගේ භාෂා ප්රවීණතාව සහ සංගීත විශේෂඥතාවයේ අසාමාන්ය සංයෝජනයෙන් මෙම බලපෑම වැඩි කර ඇති ආකාරය ද මෙම සුන්දර ගීතයේ සුවිශේෂී ලක්ෂණයකි.
මාතෘභූමියේ ස්වයංපෝෂිත ග්රාමීය ජීවිතයේ සන්සුන්, සාමකාමී සහ නිර්මල සුව සහනය දැකීමට, දැනීමට සහ විඳීමට මේ මහා ගීත රචකයා විසින් කරන ලද ආරාධනය ඔස්සේ අප මහා ගාන්ධර්වයා විසින් සාම්ප්රදායික ජන සංගීතය පිළිබඳ ඔහුගේ අසමාන ප්රවීණත්වය පෙරටුකොට, ශ්රාවකයා මානසික ප්රීතියේ උච්චතම අවස්ථාව කරා රැගෙන යන්නේය.
නිදසුනක් ලෙස, බරට නැමී සුළඟට සැලෙන කරල් බර රන් ගොයම සම කෙරෙන්නේ සිල් ගත් සිතක් ඇති, එනම්, දැමුණු ඉඳුරන් ගෙන් යුත් සංවර සිරුරු බසැති ගැමි ලියටයි.
රන්වන් කරල් සැලෙයි – සන්සුන් කමින් බරව
සිල්ගත් සිතින් යුතුවූ කතසේ//
සිසිල් සුළඟ මධ්යයේ ඇවිදින මේ නිර්මල සාමකාමී කාන්තාව දුටු විට ගැමි ගොවියාගේ සිතට ආදරය මෝදුවේ.
මඳ සුලඟ හා සමග
බඳ සලන විට සබඳ
පෙම් මල් උදා කරති සතොසේ//
වෙනත් දේ අතර, මම මෙම ගීතයට සවන් දෙන සෑම විටම, සම්භාව්ය වේදිකා නාට්යවල අනිවාර්ය අංගයක් වන පොතේ ගුරු සන්නයේ ගායන විලාසයක් මට ඇසේ. පිපුණා, සැදුණා, සැලුණා, වැටුණා, නිවුණා වැනි එළි සමය රක්නා වචනවල රිද්මය මෙම හැඟීම ගෙන එයි.
සිංහල සාම්ප්රදායික සංගීත රටාවන්ගේ ශාස්ත්රීය භාවිතය හා පරීක්ෂාකාරී මුසු කිරීම මෙම නාද රටාවන් තුළින් පිළිබිඹු වේ. දේශීය​​ ලක්ෂණ ප්රකට කරන​ සංගීත ආරක් බිහි කිරීමේදී කවි, සැහැළි, වන්නම්, නූර්ති, නාඩගම් ඇතුළු සාම්ප්රදායික ගී පද සහ නාද මාලා සංකලනය ජන ගී ගීත නිර්මාණයේදී අමරදේව ගාන්ධර්ව ලකුණ බව නිතාර්කිකවම එළඹෙන සහෘදාකල්පයයි. මන්දයත්, දේශජ බවක් ඇති ගී නිර්මාණය කිරීමේ ක්රමවේදය අමරදේවයන් හැර මෙතරම් උස් කොට තැබූ අන් මියැසි උතුමෙකු මෙබිම නුවූ බැවිණි.
මට දැනෙන පරිදි නම්, එතුමෝ සාහිත්යයේ රසභාවයන් උද්දීපනය කරමින් රස රාග පද්ධතීන් මත ජන ගී නාද රටා අතුරා ගී තනු නිර්මාණය කිරීමෙහි අපූර්වතමයෙකි. මට දැනෙන පරිදි නම් එතුමෝ අපේ සැබෑ සාම්ප්රදායික ජන ගී නාද රටා පළස අතුරා නූතන ගීතාම්බරයේ තරු අරුන්දතිය හෙළ ගී කෙතට වැඩමවාලූහ.
ජන ගී නාද රටා පාදක කර ගත් සරල ගීයක් ලෙස මඬවල එස්. රත්නායකයන් විසින් රචිත අමරදේවයන් ගයන රන්වන් කරල් සැලෙයි නම් ගීය නිදසුන් කොට ගනිමි. ඇසුරු කර ගනිමින් ගී තනුව නිර්මාණය වී ඇත. මෙම ගීතයේ නාද මාලාව දේශීය උඩරට නර්තන සාම්පරදායේ එන තුරගා වන්නමෙහි නාද රටාවට බෙහෙවින් සමානකම් දක්වන බව කිව හැකිය.
තුරගා වන්නම ගැයෙන්නේ මාතරා ⅔ එනම්, සත්/ වෙත්ම/ හත්/ අදර…….. යන ආකාරයෙනි. ගීතයේ පද ද ඒ ආකාරයටම එනම්, රන්/ වන්ක/ රල්/ සැලෙයි ලෙස ගැයෙයි.
සත් වෙත් මහත් අදර ලත් යුත් සිදත් කුමරු
ගත් සිත් නොසත් පැවිදි අංගා
අණ කෙරෙන චන්නයෙන කන්ථකය අසු ගෙනෙන
ගෙන එදින අසුගෙ පිට නැංගා
රන්වන් කරල් සැලෙයි – සන්සුන් කමින් බරව
සිල්ගත් සිතින් යුතුවූ කතසේ
මද සුළඟ හා සමඟ බඳ සලන විට ගමද
පෙම් මල් උදා කරති සතොසේ
අවසන් වශයෙන්, ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ පද්ම තටාකයේදී නිර්මාණය වූ මෙම ගීතය පිරිසිදු සිංහල ගී විලෙහි පිපුණු නැවුම් නෙළුම් කැකුළකිය යනු මගේ හැඟීම බැව් සටහන් කිරීමට කැමැත්තෙමි.
(විග්‍රහය අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි.)