Adare Ei Podi Handa Mame
ආදරේ ඇයි පොඩි හඳ මාමේ (1952)
ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ
හඳ මාමේ…//
කිරියි පැණියි මට ගෙනැවිත් දෙන්කෝ…//
හීන් සැරේ හඳ මාමේ
ගී කියා ඔබටයි අමතන්නේ…//
මේ පුංචි නංගා ඔබගේ
හඳ මාමේ
ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ
හඳ මාමේ
ඉවුර දෙසිනි තිසා වැවේහී…//
සුළඟ ඒය හමාලා
එන්න යන්නට අපි හඳ මාමේ…//
තිසා වැවේ වැව රවුමේ
හඳ මාමේ
ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ
හඳ මාමේ…//
ගායනය : චන්ද්‍රා කබ්රාල්
පද රචනය : සරත් විමලවීර
සංගීතය: වින්සන්ට් සෝමපාල
ගායනය: චන්ද්‍රා කබ්රාල් මහත්මිය
( කබ්රාල් මහත්මිය කුඩා කල )
(උපත: 1941 මැයි 28 – විපත: 2015 ජූනි 25)
ගේය පද: ආනන්ද සරත් විමලවීර මහතා
සංගීතය: වින්සන්ට් සෝමපාල මහතා
(උපත: 1922 අප්‍රේල් – විපත: 1989 ජූනි 07)