Pipi Pipi Renu Natana


පිපී පිපී රේණු නටන / Pipi Pipi Renu Natana

 

Pipi Pipi Renu Natana

(රන්මුතු දූව –  1962 – ප්‍රථම සිංහල වර්ණ සිනමා පටය)


 

පිපී පිපී…
පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙන් වරෙන් වරෙන් වරෙන්
සුළන් පොදක් අපේ ඇඟේත් ගෑවිලා
කාගෙත් කාගෙත් පින් පල දීලා
කාටත් කාටත් දෙයියෝ දීලා
පුංචි පහේ ඉල්ලමකුත් පෑදිලා//

අසව් අසව් කොයි කාටත් රස පණිවිඩයක් තියා //
රෑණ ගිරව් කුඹුරු උඩින් මල් මල් ගමනක් ගියා //
මල් මල් ගමනක් ගියා
මල් මල් ගමනක් ගියා

පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙන් වරෙන්//
සුළං පොදක් අපේ ඇඟේත් ගෑවිලා
දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා
අපටත් දවසක හඳ පායනවා
එදා අපිත් මල් පැණියෙන් නානවා

අපේ ගමේ මල් පිපිලා මී මැස්සන් එක්වෙලා //
වරකා ගහේ මී බැඳලා පැණි වරකා මෝරලා //
පැණි වරකා මෝරලා
පැණි වරකා මෝරලා

පිපී පිපී රේණු නටන…

කොහේ ගියත් වලාකුළක් නිල් අහසේ පාවෙලා //
හෙමින් හෙමින් ලැගුම් ගනී කඳු මුදුනක දැවටිලා //
කඳු මුදුනක දැවටිලා
කඳු මුදුනක දැවටිලා

පිපී පිපී රේණු නටන…

 

ගායනය: නාරද දිසාසේකර මහතා

ගේයපද: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා

සංගීතය: ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව මහතා

සිනමාපටය: රන්මුතුදූව – (1962 – ප්‍රථම සිංහල වර්ණ සිනමා පටය)


ගායනය: නාරද දිසාසේකර මහතා


ගේයපද: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා


සංගීතය: ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව මහතා


  • මි. මී. 35 සම්පූර්ණ වර්ණයෙන් නිපද වූ ප්‍රථම චිත්‍රපටය වීම.
  • දිය යට දර්ශන සහිත ප්‍රථම චිත්‍රපටය වීම.
  • අචාර්ය පණ්ඩිත් අමරදේවයන්සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය වීම.
  • ආචාර්ය නන්දා මාලිනී / නාරද දිසාසේකර මහතා ගී ගැයූ ප්‍රථම චිත්‍රපටය වීම.
  • යුරෝපීය ජාතිකයකු විසින් අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණ, තිර රචනය කළ මුල්ම සිංහල චිත්‍රපටය වීම.( මයික් ජේ විල්සන් මහතා)
  • විද්‍යා ප්‍රබන්ධ ලේඛකආතර් සී. ක්ලාක් මහතා නිෂ්පාදනයෙන් දායක වූ පළමු සිංහල චිත්‍රපටය
  • පළමු සරසවිය සිනමා සම්මාන උළෙලේ දී හොඳම ගීත රචනය (පාරමිතා බල), හොඳම පසුබිම් ගායකයා (නාරද දිසාසේකර), හොඳම පසුබිම් ගායිකාව නන්දා මාලනී සම්මානයට පාත්‍ර වීම.

නිෂ්පාදනය-සංස්කරණය]

  • සහය අධ්‍යක්ෂණය – සිංහල පරිවර්තනය – කතා පිටපත – තිස්ස ලියනසූරිය මහතා
  • සහය කැමරා – සුමිත්ත අමරසිංහ,වී. වාමදේවන්, එම්. එස්. ආනන්දන් මහත්වරුන්
  • කලා අධ්‍යක්ෂණය – ජේ. ඒ. වින්සන්ට් මහතා
  • සංස්කරණය: ටයිටස් තොටවත්ත මහතා

සංගීත අධ්‍යක්‍ෂණය කරනු ලැබූයේ අචාර්ය පණ්ඩිත් අමරදේවයන් ශූරින් විසිනි.

ගීත ප්‍රබන්ධය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයි.

ගීත සංඛ්‍යාව 03කි.

  • පාරමිතා බල පූජිත පූරිත – ඩබ්. ඩී. අමරදේව / නන්දා මාලිනී සහ පිරිස
  • පිපී පිපී රේණු නටන – නාරද දිසාසේකර සහ පිරිස
  • ගලන ගඟකි ජීවිතේ – නාරද දිසාසේකර / නන්දා මාලිනී

රංගනයෙන් දායක වූවෝ:

  • ගාමිණී ෆොන්සේකා
  • ජෝ අබේවික්‍රම
  • ජීවරාණි කුරුකුලසූරිය
  • ශේන් ගුණරත්න
  • රොඩ්නි ජොන්ක්ලාස්
  • ඇන්තනි සී. පෙරේරා
  • ඔස්ටින් අබේසේකර
  • තිලකසිරි ප්‍රනාන්දු
  • වින්සන්ට් වාස්
  • ශේෂා පලිහක්කාර
  • ලක්ෂ්මී බායි