National Anthum

 


ශ්‍රී ලංකාවේ ජාතික ගීය

 

ජාතික ගීය

ජාතික ගීය ගායනා කරන විට / වාදනය කරන විට නිශ්ශබ්දච, සංවරව, සීරුවෙන් සිටිමින් ජාතික ගීයට ගරු කළ යුතු ය.


ශ්‍රී ලංකා මාතා

අප ශ්‍රී……. ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා

ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා

අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා

පිළිගනු මැන අප භක්‍තී පූජා

නමෝ නමෝ මාතා

අප ශ්‍රී …… ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

ඔබ වේ අප විද්‍යා

ඔබ මය අප සත්‍යා

ඔබ වේ අප ශක්‍ති

අප හද තුළ භක්‍තී

ඔබ අප ආලෝකේ

අපගේ අනුප්‍රාණේ

ඔබ අප ජීවන වේ

අප මුක්‍තිය ඔබ වේ

නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා

ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජයභූමී කරා

එක මවකගෙ දරු කැල බැවිනා

යමු යමු වී නොපමා

ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා

අප ශ්‍රී…….. ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා


ජාතික ගීයේ පද මාලාව සහ සංගීතය: ආනන්ද සමරකෝන් මහතා

Lyrics and music: Mr. Ananda Samarakoon


වර්ෂ 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත ජාතික ගීය 1951 නොවැම්බර් මස 22 දින සිට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නම් කරනු ලැබී ය.

මෙම දේශානුරාගී ගීතයේ තේමාව වන්නේ “ස්වභාව ධර්මයේ දායාදයන්ගෙන් පරිපූර්ණ මගේ මව් රට අපේ ජීවනාලෝකයයි; ශක්‍තිය හා ප්‍රාණයයි; අපේ ජීවනය ඔබ සතුයි; ලක් දරුවන් වන අප වාදභේද දුරලා සමගියෙන් දියුණුව කරා පිය නගමු“ යන්නයි.



C G C F C