Midule Weli Maligawa


මිදුලේ වැලි මාළිගාව

මිදුලේ වැලි මාළිගාව


 

මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

පීනා සිප් සයුර එතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද
නොසෙල් වෙමී
මිනිස් මහිම දෝතින් ගෙන
සිනාසෙමී

මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

එපා ඔටුනු මගෙ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මග
හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන්
පියාණනේ

මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

මිදුලේ වැලි මාලිගාවේ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

(මුල් ගායනය: පේෂලා මෙන්ඩිස් මහත්මිය)

පසු ගායනය:ආචාර්ය.ප්‍රියංකාවීරසේකරමහත්මිය

ගේයපද: කුමාරදාස සපුතන්ත්‍රී මහතා

සංගීතය: රෝහණ වීරසිංහ මහතා

 


(මුල් ගායනය: පේෂලා මෙන්ඩිස් මහත්මිය)

පසු ගායනය:ආචාර්ය.ප්‍රියංකාවීරසේකරමහත්මිය


ගේයපද: කුමාරදාස සපුතන්ත්‍රී මහතා


සංගීතය: රෝහණ වීරසිංහ මහතා