Kula Gedarin

කුළ ගෙදරින් / Kula Gedarin

 

කුළ ගෙදරින්

 


 

කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ

පති කුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ
මනු කුල සිරිතට පති කුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ //

වන ලන්දෙ හැංගුණු
මූණ පොඩ්ඩක් කෝල වෙයි
ගම් මණ්ඩියේ…
ගහ වැල් පිපී සුවඳින් පිරී අද
පෙම් කෙළි වැව් කණ්ඩියේ //

වාසනාවන් හරි වාසනාවන් ////

කුල ගෙදරින්…

දඹ රත්තරං හැඩ දා සොඳින් කළ
රූපයක් ඇඹුමක් වගෙයි
ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත
ආකහේ තරුවක් වගෙයි //

වාසනාවන් හරි වාසනාවන් ////

කුල ගෙදරින්…

වාසනාවන් හරි වාසනාවන් ………….////

 

සිනමාපටය: හුලවාලි – 1976

ගායනය: බන්දුල විජේවීර මහතා

ගේයපද: මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා

සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක මහතා

අධ්‍යක්‍ෂණය: ඩබ්.ඒ.බී. ද සිල්වා මහතා


චිත්‍ර ශිල්පී හා පුවත්පත් කලාවේදී දයා රාජපක්‍ෂ මහතාගේ කොටස් වශයෙන් පළ වූ චිත්‍ර කතාවක් පාදක කර ගෙන නිර්මාණය වූ සිනමාපටයකි. මෙය සිළුමිණ පුවත් පතේ පළ විය. මෙය සිනමා පටයක් ලෙස නිර්මාණ අධ්‍යක්‍ෂණය කලේ ඩබ්.ඒ.බී.ද සිල්වා මහතා විසිනි. මෙම කථාවට පදනම් වන්නේ හුලවාලි ජනකොටසකගේ ජීවිත වල හැල හැප්පීම් හා නොගැළපෙන පෙම් සබඳතාවක් පිළිබඳ සංසිද්ධීන්ය. ධාරා නම් රැහේ තරුණයෙක් සිබා නම් රැහේ ම තරුණියකට පෙම් බඳී. නමුත් ඇය සිදාදියෙන් ආ තරුණයෙකුට පෙම් කරයි. මෙහි දී රැහේ ඇතිවන විවිධ සිද්ධීන් අළලා මෙම කථාව ගොඩ නැඟී ඇත.

මෙය කලුසුදු වර්ණයෙන් නිම කර ඇති අතර, ගාමිණි ෆොන්සේකා (ධාරා), සුවිනීතා වීරසිංහ ( සුබා), ටෝනි රණසිංහ ( බිබිලේ ඇත්තෝ – බාලා), ධර්ම ශ්‍රී මුණසිංහ ( ආඬියා), රෙක්ස් කොඩිප්පිලි (රැහේ මහ එකා), එඩී ජූනියර් ( බාලයා), පර්ල් වාසුදේවී (ගැමි කාන්තාව), දෙනවක හාමිනේ (ගැමි කාන්තාව) ලෙස රංගනයෙන් දායක විය. මෙහි ගීත රචනා කරන ලද්දේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා, විසිනි. සංගීතය ආචාර්ය වික්ටර් රත්නායකයන්ගෙනි.


සිනමාපටය: හුලවාලි – 1976


ගායනය: බන්දුල විජේවීර මහතා


ගේයපද: මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා


සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක මහතා