Katu Akule


කටු අකුලේ මල් ඇහැරේ

(ටී.බී.ඉලංගරත්න මහතාගේ ළමා නව කතාව –  අඹ යාළුවෝ ටෙලි නාට්‍යයේ තේමා ගීතය)

කටු අකුලේ මල් ඇහැරේ


[huge_it_video_player id=”6″]


කටු අකුලේ මල් ඇහැරේ

රළු අහසේ තරු හිනැහේ

රළු අහසේ තරු හිනැහේ

කටු අකුලේ මල් ඇහැරේ

 

තුඩින් තුඩේ රැව් නැගේ

කුරුලු ගී ගායනා

කුළින් කු‍ළේ වැතිරෙතේ

සුදු වලා පාවෙනා

 

ළමයින් සුවඳයි

කඳුළක දිළිසෙයි

අඳුරු විමානේ

රන් මිණි පහනයි

 

කටු අකුලේ මල් ඇහැරේ

රළු අහසේ තරු හිනැහේ

රළු අහසේ තරු හිනැහේ

කටු අකුලේ මල් ඇහැරේ

 

අනාථ දෑසේ

කෙම්බිම ඔබමයි

මිලාන ලෝකේ

හසරැළි උයනයි

 

තුඩින් තුඩේ රැව් නැගේ

කුරුලු ගී ගායනා

කුළින් කු‍ළේ වැතිරෙතේ

සුදු වලා පාවෙනා

 

කටු අකුලේ මල් ඇහැරේ

රළු අහසේ තරු හිනැහේ

රළු අහසේ තරු හිනැහේ

කටු අකුලේ මල් ඇහැරේ

 

ගායනය – එඩ්වඩ් ජයකොඩි මහතා සහ ටිලානි අමරසිංහ සමග ළමා පිරිස

පද – බන්දුල නානායක්කාරවසම් මහතා

තනුව – ආනන්ද ගමගේ මහතා

අධ්‍යක්‍ෂණය: සුදත් දේවප්‍රිය මහතා


ගායනය – එඩ්වඩ් ජයකොඩි සහ ටිලානි අමරසිංහ සමග ළමා පිරිස


පද – බන්දුල නානායක්කාරවසම්


තනුව – ආනන්ද ගමගේ


නව කථා රචක: ටී.බී.ඉලංගරත්න මහතා

අධ්‍යක්‍ෂණය: සුදත් දේවප්‍රිය මහතා