Irem Handen
ඉරෙන් හඳෙන්
[huge_it_video_player id=”7″]
ඉරෙන් හඳෙන්… එළිය අරන්…ගහෙන් වැලෙන්…. සුවඳ අරන්….
ඇලෙන් දොලෙන්… සිසිල අරන්….
අපට සැදුනු අපේ ලෝකයේ….
සතුටු වෙන්න එන්න යාලුවේ….//
හෝ… හෝ… හෝ… හෝ…
සමනල තටු… සිඳින්නෙපා..පාට මැකී යයි දේදුන්නේ…
ගහවැල සිඳ… දමන්නෙපා..පොළොව දැවී යයි ඉර ගින්නේ….
අපට සැදුනු අපේ ලෝකයේ…
සතුට සදා රකිමු යාලුවේ…//
ඉරෙන් හඳෙන්… එළිය අරන්…ගහෙන් වැලෙන්…. සුවඳ අරන්….
ඇලෙන් දොලෙන්… සිසිල අරන්….
අපට සැදුනු අපේ ලෝකයේ….සතුටු වෙන්න එන්න යාලුවේ….//
හෙයි.. හෙයි.. හෙයි.. හෙයි..//
හෝ… හෝ… හෝ… හෝ….
නටා ගයන බටිති මලිත්තෝ…අපා දෙපා සිව්පා ඇත්තෝ..
ඉරේ හඳේ ගහේ වැලේ…අපි වගේම උරුමය ඇත්තෝ…
අපට සැදුනු අපේ ලෝකයේ…සතුට බෙදා ගනිමු යාළුවේ…//
ඉරෙන් හඳෙන්… එළිය අරන්…ගහෙන් වැලෙන්…. සුවඳ අරන්….
ඇලෙන් දොලෙන්… සිසිල අරන්….
අපට සැදුනු අපේ ලෝකයේ….සතුටු වෙන්න එන්න යාලුවේ….///////
ගායනය: හර්ෂණ දිසානායක මහතා
ගේයපද: සෝමරත්න දිසානායක මහතා
සංගීතය: රෝහණ වීරසිංහ මහතා
සිනමාපටය: සූරිය අරණ
ගායනය: විශාරද හර්ෂණ දිසානායක මහතා
ගේයපද: ආචාර්ය සෝමරත්න දිසානායක මහතා
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ මහතා