Hanika Warew Kollane


හනික වරෙව් කොල්ලනේ

හනික වරෙව් කොල්ලනේ

 


[හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
මෙන්න මෙහෙ වරෙව්]//
[මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
නට නටා වරෙව්]//
[තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්]//

[හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
මෙන්න මෙහෙ වරෙව්]//
[මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
නට නටා වරෙව්]//
තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්..යකෝ
තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්

[වැඩේ අමාරුත් නැතේ
තෑගි ටිකත් අපි අතේ]//
[රත්තරනින් ගෙවන්නේ
හිරු දෙවියොයි කියන්නේ]////

[මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
නට නටා වරෙව්]//
තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්..යකෝ
තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්
[හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
මෙන්න මෙහෙ වරෙව්]//

[සාදු සාදු කියල්ලා
ප්‍රීති ඝෝෂ කරල්ලා]//
හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
කන්ද උඩින් වරෙල්ලා
හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
කන්ද යටින් වරෙල්ලා
[හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
හරක් හොරා හොයල්ලා]//
[ලෝකෙ වටේ ගොහිල්ලා
හරක් හොරා හොයල්ලා]//
[හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
හරක් හොරා හොයල්ලා….]//
වනන්තරේ සොයාපියෝ
ගල් අරඹේ සොයාපියෝ
මරු කතරේ සොයාපියෝ
මිනිස් වාසෙ සොයාපියෝ
[කඳු මුදුනේ ගං ඉවුරේ
වනන්තරේ සොයාපියෝ]//
[හිරු දෙවිඳුගෙ ගොපල්ලො අපි
අපිට දෙවියො බලාපියෝ….]//
[රන් අඹරණ පැළඳගත්ත
මහ පොළොවේ රන් වපුරන]//
හිරු දෙවියො බලාපියෝ////
[හරක් හොරා හොයාගන්න
සියලු දෙවියො පිහිටවෙයෝ….]//

වේදිකා නාට්‍යය: බෙරහඩ (1961)

ගායනය: රොඩ්නි වර්ණකුළ

මුල් අධ්‍යක්‍ෂණය හා  ගේයපද: බන්දුල ජයවර්ධන මහතා

නව සංගීතය: ඔස්ටින් මුණසිංහ මහතා

නව නිෂ්පාදනය: ලූෂන් බුලත්සිංහල මහතා


 

ගායනය: රොඩ්නි වර්ණකුළ


 

මුල් අධ්‍යක්‍ෂණය හා  ගේයපද: බන්දුල ජයවර්ධන මහතා


 

නව සංගීතය: ඔස්ටින් මුණසිංහ මහතා


 

නව අධ්‍යක්‍ෂණය: ලූෂන් බුලත්සිංහල මහතා