Galana Gangaki Jeevithe


ගලන ගඟකි ජීවිතේ

 

ගලන ගඟකි ජීවිතේ

(රන්මුතු දූව –  1962 – ප්‍රථම සිංහල වර්ණ සිනමා පටය)


ගලන ගඟකි ජීවිතේ

දයා ලූ ලෝකයේ…

මිහිර පතා ආදරේ

ළපලු නටයි ගංතෙරේ……

ගලන ගඟකි ජීවිතේ

දයා ලූ ලෝකයේ….

 

වැලි තල කිති කවන නටන

පෙම් රළ වැල ඉවුරු බදන

මිහි තලයට සුවය දැනෙන

උකුළු තලය බඳු නැළැවෙන…

පෙමට පෙම පුදා

තුඬට තුඬු දි දී…

කුරුළු ගී නඟයි..

ආදරේ…බැඳීලා..

 

ගායනය: නාරද දිසාසේකර මහතා  සමඟ නන්දා මාලිනී මහත්මිය

ගේයපද: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා 

සංගීතය: ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව මහතා

සිනමා පටය: රන්මුතු දූව (1962 – ප්‍රථම සිංහල වර්ණ සිනමා පටය)


ගායනය: නාරද දිසාසේකර – නන්දා මාලිනී



ගේයපද: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ


සංගීතය: ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව මහතා


  • මි. මී. 35 සම්පූර්ණ වර්ණයෙන් නිපද වූ ප්‍රථම චිත්‍රපටය වීම.
  • දිය යට දර්ශන සහිත ප්‍රථම චිත්‍රපටය වීම.
  • අචාර්ය පණ්ඩිත් අමරදේවයන්සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය වීම.
  • ආචාර්ය නන්දා මාලිනී / නාරද දිසාසේකර මහතා ගී ගැයූ ප්‍රථම චිත්‍රපටය වීම.
  • යුරෝපීය ජාතිකයකු විසින් අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණ, තිර රචනය කළ මුල්ම සිංහල චිත්‍රපටය වීම.( මයික් ජේ විල්සන් මහතා)
  • විද්‍යා ප්‍රබන්ධ ලේඛකආතර් සී. ක්ලාක් මහතා නිෂ්පාදනයෙන් දායක වූ පළමු සිංහල චිත්‍රපටය
  • පළමු සරසවිය සිනමා සම්මාන උළෙලේ දී හොඳම ගීත රචනය (පාරමිතා බල), හොඳම පසුබිම් ගායකයා (නාරද දිසාසේකර), හොඳම පසුබිම් ගායිකාව නන්දා මාලනී සම්මානයට පාත්‍ර වීම.

නිෂ්පාදනය-සංස්කරණය]

  • සහය අධ්‍යක්ෂණය – සිංහල පරිවර්තනය – කතා පිටපත – තිස්ස ලියනසූරිය මහතා
  • සහය කැමරා – සුමිත්ත අමරසිංහ,වී. වාමදේවන්, එම්. එස්. ආනන්දන් මහත්වරුන්
  • කලා අධ්‍යක්ෂණය – ජේ. ඒ. වින්සන්ට් මහතා
  • සංස්කරණය: ටයිටස් තොටවත්ත මහතා

සංගීත අධ්‍යක්‍ෂණය කරනු ලැබූයේ අචාර්ය පණ්ඩිත් අමරදේවයන් ශූරින් විසිනි.

ගීත ප්‍රබන්ධය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයි.

ගීත සංඛ්‍යාව 03කි.

  • පාරමිතා බල පූජිත පූරිත – ඩබ්. ඩී. අමරදේව / නන්දා මාලිනී සහ පිරිස
  • පිපී පිපී රේණු නටන – නාරද දිසාසේකර සහ පිරිස
  • ගලන ගඟකි ජීවිතේ – නාරද දිසාසේකර / නන්දා මාලිනී

රංගනයෙන් දායක වූවෝ:

  • ගාමිණී ෆොන්සේකා
  • ජෝ අබේවික්‍රම
  • ජීවරාණි කුරුකුලසූරිය
  • ශේන් ගුණරත්න
  • රොඩ්නි ජොන්ක්ලාස්
  • ඇන්තනි සී. පෙරේරා
  • ඔස්ටින් අබේසේකර
  • තිලකසිරි ප්‍රනාන්දු
  • වින්සන්ට් වාස්
  • ශේෂා පලිහක්කාර
  • ලක්ෂ්මී බායි