Ehela Malin


ඇහැළ මලින් ගස් පිරිලා

 

ඇහැළ මලින් ගස් පිරිලා


ඇහැළ මලින් ගස් පිරිලා
බලන්න හරි ලස්සනයී
අඹ රඹුටන් ජම්බු ඉදිල
අද හැමතැන හරි හැඩයි

ඇහැළ මලින්..

දොඹ ගස් යට මල් හැලිලා
සුවඳක් හැමතැන දැනෙයි
වළිකුකුළන් හඬලන විට
අහන් ඉන්න හරි හිතයි

ඇහැළ මලින්..

ගස්වල දළු සෙලවෙනකොට
ඇඟට හරිම සීතලයි
ඉගිලෙන අර සමනලයින්
අල්ලන්නට බැරි හැඩයි

වේදිකා නාට්‍ය: නරි බෑණා

වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂණය හා  ගේයපද: දයානන්ද ගුණවර්ධන මහතා

ගායනය: ලක්‍ෂමී දමයන්ති මහත්මිය ( විවිධ ශිල්පීන් ගායනා කොට ඇත)

සංගීතය: ?


ගේයපද: දයානන්ද ගුණවර්ධන මහතා

(උපත: 1934 ඔක්තෝබර් 15  /  අභාවය: 1990 ජූනි 24)


ගායනය: ලක්‍ෂමී දමයන්ති මහත්මිය