Duputhune Rata Apeya


දූ පුතුනේ රට අපේය

 

දූ පුතුනේ රට අපේය


දූ පුතුනේ රට අපේය දූ පුතුනේ අප රටේය //

මල් කැන් සුවඳ දේ ගල් කණුවල පිපුණු
ලේ දහදිය නටයි රණ දෙරණේ හැලුණු
ජාතිය නගන රිසියෙන් හද ඔද වැදුණු
එනු එදිරියට පුත පැරකුම් දුටු ගැමුණු

දූ පුතුනේ රට අපේය දූ පුතුනේ අප රටේය //

සමොනල ගිරග ඉර සඳ සැතපෙන තුරුම
රට වට මුහුද නිසලව නිදියන තුරුම
පුලතිසි පිළිමයට යළි පන එන තුරුම
මේ සිරි ලක් මඬල පුත අපිටයි උරුම

දූ පුතුනේ රට අපේය දූ පුතුනේ අප රටේය /////

ගායනය – ශාලිත අබේවික්‍රම මහතා
තනුව – ජූඩ් පීරිස් මහතා
පද – තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා


ගායනය – ශාලිත අබේවික්‍රම මහතා


සංගීතය -ජූඩ් පීරිස් මහතා


ගේයපද – තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා