Do a dear


Do a dear

(ගීතය ශ්‍රවනය කරන්න)

Do a dear


(වීඩියෝව නරඹන්න)

සටහන: මෙය නොමිලේ පවත්වන අධ්‍යාපනික වෙබ් අඩවියකි. දරුවන්ගේ අධ්‍යයන කටයුතු වලට පිටිවහලක් වීම සඳහා මෙය වෙබ් අඩවියේ පළ කරමු. නමුත් මෙහි සියළු හිමිකම් නිර්මාණයේ මුල් හිමිකරුවන් සතු බව පුකාශ කරමු.

Note: This is a free educational website. We publish this on the website to support children’s studies. But let’s say all the rights here belong to the original owners of the design.


 

සවුන්ඩ් ඔෆ් මියුසික් (Sound Of Music) සිනමා පටය 1965 දී තිරගත කෙරිණි. මෙය මුලින්ම 1959 දී පමණ වේදිකා ප්‍රසංගයක් ලෙස සකස් වූ එකකි. පසුව මෙය සිනමා පටයක් ලෙස නිෂ්පාදනය වුණි. පොප් සංගීතය ආශ්‍රය කොට ගෙන මෙහි ගීත බොහොමයක් සකස් කොට ඇත.  මෙය 1965 වසරේ වැඩිම ආදායමක් ලබා ගත් සිනමා පටය විය. මරියා නම් මෙහි ප්‍රධාන චරිතය රඟපෑවේ ඩේම් ජූලියා ඇන්ඩෲ මහත්මියයි. මෙහි තේමාව වන්නේ දෙමාපියන් අහිමි දරුවන් රැක බලා ගන්නා සිථානයක එම දරුවන් විවිධ නීති රීති වලට යටත් පාලනය කිරීමයි. මෙහිදී මෙම දරුවන් රැක බලා ගැනීම සඳහා භාර දෙන කාන්තාව එම දරුවන් වෙත සංගීතය උපයෝගී කර ගනිමින් නිදහස් ව පාලනය කිරීමටත් උගැන්වීමටක් සමත් වෙයි. මෙම සිනමා පටය රූගත කොට ඇත්තේ ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් ප්‍රදේශයේය.


මෙම සිනමා පටයයේ  ඉහත ගීතය ගායනා කලේ බ්‍රිතාන්‍ය ජාතික නිළියක හා ගායිකාවක් වූ ඩේම් ජූලියා ඇන්ඩෲ (Dame Julie Andrews) මහත්මිය විසිනි. ඇය 1935 ඔක්තෝබර් 01 දින එංගලන්තයේ වෝල්ටන්-ඔන්-තේම්ස්, සරේ හිදී උපත ලැබුවාය.


මෙම සිනමා පටයේ සංගීතය නිර්මාණය කලේ රිචර්ඩ් චාර්ල්ස් රොජර්ස් (Richard Charles Rodgers) මහතා විසිනි. මොහු 1902 ජූනි 28 අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී උපත ලැබීය. ඔහුගේ අභාවය 1979 දෙසැම්බර් 30 දින අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී සිදුවිය. මොහු වෘත්තිමය සංගීතඥයෙක් ලෙස ප්‍රසිද්ධය.


එමෙන්ම මෙම ගීතය රචනා කලේ් ඔස්කාර් හැමර්ස්ටින් මහතා විසිනි. ( Oscar Greeley Clendenning Hammerstein II ) 1895 ජූලි 12 දින අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී (New York City, U.S.) උපත ලද මොහු 1960 අගෝස්තු 23 අමෙරිකාවේ පෙන්සෙල්වේනියාවේ දී (Pennsylvania, U.S) අභාවයට පත් විය. මොහු පද රචකයෙක් ලෙස කටයුතු කළේය.


මෙම Sound of Music සිනමා පටය ඔබට අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැකිය. මෙය විවිධ වීඩියෝ කොටස් (Video Clips ) කිහිපයකින් යුක්තය. එකින් එක පිළිවෙළට නරඹා රසවිඳින්න. පහත සබැඳිය ඔස්සේ වීඩියෝව නරඹන්න.


පදමාලාව / Lyrics

Do-Re-Mi

Julie Andrews
Let’s start at the very beginning
A very good place to start
When you read you begin with A-be-see
When you sing you begin with do-re-mi
Do-re-mi, do-re-mi
The first three notes just happen to be
Do-re-mi, do-re-mi
Do-re-mi-fa-so-la-ti
Let’s see if I can make it easy
Doe, a deer, a female deer
Ray, a drop of golden sun
Me, a name I call myself
Far, a long, long way to run
Sew, a needle pulling thread
La, a note to follow Sew
Tea, a drink with jam and bread
That will bring us back to Do (oh-oh-oh)
Do-re-mi-fa-so-la-ti-do
So-do!
Now children, do-re-mi-fa-so and so on
are only the tools we use to build a song
Once you have these notes in your heads
you can sing a million different tunes by mixing them up
Like this
So Do La Fa Mi Do Re
Can you do that?

So Do La Fa Mi Do…


බාගත කරන්න / Download