Dethata Walalu


දෑතට වළලු

දෑතට වළලු


 

දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි
ගී රස කණ ලූ වන් සැනකින් මන් පිණවයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි //

දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි

උදයට පේළිය සැදිලා
එන සැටී රූබර අඟනෝ
කර වට ගෝමර මල් පිපිලා
ලැම පිට පවලන් පළඳා
බඳේ වැටෙන හිරු තාපය නොදැනෙයි
ළඳේ නුඹට තුරු සෙවනැලි උරණද

දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි

හිස වට සේලය දවටාලා
ඉණ වට ඔසරිය ඇඳලා
කුඹුරට සීරුවේ බැසලා
තරගෙට සීපද රැව් දීලා
අගේ වඩන රුසිරෙන් සැදි නෙළුමට
රඟේ බලන් සැරසෙන සැටි කදිමට

දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි
ගී රස කණ ලූ වන් සැනකින් මන් පිණවයි


ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි ////….

ගායනය: විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය

ගේය පද / සංගීතය: සී ද එස් කුලතිලක මහතා


ගායනය: විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය


 

ගේය පද / සංගීතය: සී ද එස් කුලතිලක මහතා

සී ද එස් කුලතිලක මහතා අප රටේ ජන සංගීතය පිළිබද පර්යේෂණ කර , එක් රැස් කර , නව නිර්මාණ කර , නිහඩව ඉමහත් සේවයක් කල ශ්රේෂ්ඨ සංගීතඥයෙකි .
1960/1970 දශකවල ගුවන් විදුලිය , ස්වදේශීය සේවයේ ,ජන සංගීත පර්යේෂණ , මියැසිය නම් සංගීතමය වැඩ සටහන් ඉදිරිපත් කලා . දක්ෂ නව ගායක ගායිකාවන්ට තැන ලබා දුන්නා .
රුපවාහිනියේ  විකාශනය කරන පලිගු මැණිකේ ටෙලි නාට් සඳහා සංගීතය නිර්මාණය කලේ ද මෙතුමා විසිනි.‍ එයට සංගීතය නිර්මාණය කලේ සී ද එස් කුලතිලක මහතා විසිනි .