Dee Kiri Dee Kiri


දී‍කි‍රි‍ දී‍කි‍රි‍

දී‍කි‍රි‍ දී‍කි‍රි‍

 


දී‍කි‍රි‍ දී‍කි‍රි‍ ගෙනාව දීකිරි
මිහිපිට කාටාත් ගුණ දෙන දීකිරි //

පැටියා මෝරපු දෙනගේන් ගාත් කිරි
හොඳ හැටි උණුකොට නිවලා ගාත් කිරි
නැවුම් මූට්ටියේ වත්කල මේ කිරි
පනමට ලාබයි මන් දෙන මේ කිරි

දී‍කි‍රි‍ දී‍කි‍රි‍.. //

හිස මගෙ දෙදරයි දෙපා රුදාදෙයි
රෑ වෙන්නට පෙර ගෙදරට යාන්නයි
පනමේ කිරි ගෙන පිහිටාක් වෙන්නයි
මගෙ මංගල්ලෙට ඔහෙලාත් එන්නයි

දී‍කි‍රි‍ දී‍කි‍රි‍.. //

කිරි විකුනාලා කාසි හොයාන්නායි
අනාගතේ මාළිගා තනාන්නයි
කුමාරයෙක් ගෙදරට කැන්ඳන්නයි
මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි

දී‍කි‍රි‍ දී‍කි‍රි‍..  //

වේදිකා නාට්‍යය: රතු හැට්ටකාරී (1974)

ගායනය: අනුලා බුලත්සිංහල මහත්මිය

නාට්‍ය රචනය / නිෂ්පාදනය /  ගේයපද: ලූෂන් බුලත්සිංහල මහතා

සංගීතය: ඔස්ටින් මුණසිංහ මහතා


ගායනය:

අනුලා බුලත්සිංහල මහත්මිය


නාට්‍ය රචනය / නිෂ්පාදනය /  ගේයපද:

ලූෂන් බුලත්සිංහල මහතා


සංගීතය:

ඔස්ටින් මුණසිංහ මහතා


1974 රාජ්‍ය නාට්‍ය උත්සවය වෙනුවෙන් තමයි රතු හැට්ටකාරි නිර්මාණය වුණේ. ඒ කාලේ මුලින්ම නාට්‍ය උළෙල සඳහා පිටපත් කැඳෙව්වා. රතු හැට්ටකාරි පිටපත තමයි ඉදිරිපත් කළේ. එය පිටපතක් ලෙස තේරිලා ඉන් පසුව නාට්‍ය පෙන්නුවා. ඉන් තේරී පත්වෙලා අවසන් වටයේදී රතු හැට්ටකාරී සංගීතය, ඇඳුම් පැලඳුම් සමඟ ප්‍රදර්ශනය කළා. රතු හැට්ටකාරී වෙනුවෙන් ඒ වසරේ හොඳම නළුවාට හිමි සම්මානය වගේම හොඳම සංගීතයට හිමි සම්මානයත් ලැබුණා. ඒ දවස්වල රඟපෑවේ ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, අනුලා බුලත්සිංහල වගේ ප්‍රවීණයන්.