Dawasak Pala Nathi Hene


දවසක් පැල නැති හේනේ

 

දවසක් පැල නැති හේනේ

 


දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැටුනා

තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ

පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

 

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා

බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ

ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

 

කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඬලනකොට

ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ

මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ………//

 

ගායනය හා සංගීතය: විශාරද ගුණදාස කපුගේ මහතා

ගේයපද: අධිනීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා


ගායනය හා සංගීතය: විශාරද ගුණදාස කපුගේ මහතා

ගුණදාස කපුගේ සිංහල ගායකයෙක් සහ සංගීතවේදියෙකි. 1945 අගොස්තු 7 වනිදා මෙලොව එලිය දුටු ඔහුගේ සම්පූර්ණ නම එල්ලමුල්ල කපුගේ ගුණදාස වේ. ඔහු එල්මුල්ල කනිෂ්ඨ විද්‍යාලය, කරන්දෙනිය ජාතික පාසල සහ ගාල්ල නගොඩ පාසල යන පාසල් මගින් ඔහුගේ අධ්‍යාපනය ලබා ගත්තේය. වටිනා කලා ජීවිතයක් හිමිවූ ඔහුගේ කලා ජීවිතයේ ඔහු බොහෝ සම්මාන වලින් පිදුම්ලත් පුද්ගලයෙකි.
1996 :
ස්වර්ණ සංඛ සම්මානය – හොඳම කටහඬ
විශ්ව ප්‍රසාදිනී සම්මානය සරසවි සම්මානය – හොඳම කටහඬ
1997 :
රස සංගීත සම්මානය – හොඳම ගායකයා
ජනාධිපති සම්මානය – හොඳම ඉදිරිපත්කිරීම් ගයකයා
සරසවි සම්මානය – හොඳම කටහඬ
OCIC සම්මානය – නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය
1998 :
ජනාධිපති සම්මනය – හොඳම ගායකයා
1999 :
සරසවි සම්මානය – ප්‍රසාද පූජා සම්මානය
ඔහු ලංකාවේ ඉතා ඉහල තැනක් දිනූ ඉතා වටිනා කලාකරුවෙකි. ඔහුගේ ගායන විලාසය හා ඔහුගේ ගීත බොහෝ දෙනාගේ සිත්තුල නිදන්ගතවී තිබුනි. 2003 අප්‍රේල් 03 දින ඔහු අප අතරින් සමුගත්තේය. ඔහුගේ ජීවිතය අප අතර නැතිවුනත් ඔහු ගැයූ ගීත අප සවන් තුල සදා පවතී.

ගේයපද: අධිනීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා


භාෂා භාවිතයේ ඉතා අලංකාර තැන කිහිපයක් ගීතයේ දක්නට ලැබෙනවා. වචන වල තේරුමට වඩා එහා ගිය ගැඹුරු අරුතක් ගීතය සතුයි. එවැනි අවස්ථා කිහිපයක් පහතින් දැක්වෙනවා.

ගීතය පටන් ගන්නේ “දවසක් පැල නැති හේනේ” යන පද පේලියෙන්. පැල නැති හේනක් කියන්නේ කිසිම ආරක්ෂාවක් නැති තත්වයක්. පියා නැති පවුලකටත් ඒ වගේ. පියා නැතිව අම්මා තනිවම ගැටළු වලට මුහුණ දුන්න.

“පායන තුරු හිටි පියවර හිටිය ඔබ අම්මේ ” කියන්නේ අම්මා තවත් කසාදයක් කරගන්නේ නැතුව ප්‍රශ්න වලට තනිවම මුහුණ දීගෙන හිටිය එක කියල සමහර තැන වල සඳහන් වෙනවා.

“නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුන දා

බිරිඳකගේ සෙනෙහෙ ගිය යෝධ ඇලේ නැම්මේ “

තරුණ වියට එළඹුණු ඔහු නගරයට ගියා. එහිදී ඔහුට හමුවුණු කාන්තාවක් විවාහ කරගත්තා. මෙහි කියවෙන යෝධ ඇලේ නැම්මේ කියන කොටස ගැන කිහිප තැනකින් ඉතා අලංකාර විචාරයන් හොයා ගන්න පුළුවන් උනා. ඒවගේ සඳහන් විදිහට යෝධ ඇල කියන්නේ සැතපුමට අඟලක බැස්මක් තියෙන ඇළක්. ඒ වගේම තමා බිරිඳගේ ආදරයත්. ටික කලක් ගියහම තමයි තේරෙන්නේ ඇත්ත තත්වේ. නමුත් අම්මගේ ආදරය ඒ වගේ නැහැ. සදාකාලිකයි. බිරිඳ ඔහු හැර ගියහම අම්මගේ සෙනෙහස මතක වෙනවා.

“ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ

මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ”

ගීයේ අවසානය විලාපයක්. එයින් අදහස් වන්නේ තවදුරටත් අම්මා ඔහු එන තුරු බලා සිටීමට ජීවතුන් අතර නැති බවයි


මෙම සබැඳයෙන් ගොස් ගීතයේ නිර්මාණ අතීතය දැනගන්න.

දවසක් පැල නැති හේනේ