Ammawarunne


අම්මාවරුනේ / Ammawarune

Ammawarune 


අම්මාවරුනේ… අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ..

දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා….

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ

අම්මාවරුනේ… අම්මාවරුනේ…

සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතේ
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ

අම්මාවරුනේ… අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මාවරුනේ..

දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා….

අම්මාවරුනේ… අම්මාවරුනේ……….

 

ගායනය: ආචාර්ය නන්දා මාලනී මහත්මිය

ගේයපද: ධර්මසිරි ගමගේ මහතා

සංගීතය: රෝහණ වීරසිංහ මහතා

සිනමා පටය: යස ඉසුරු

අධ්‍යක්‍ෂණය: ධර්මසිරි ගමගේ මහතා


යසඉසුරු සිනමා පටය 1982 වසරේ දී තිරගත වූ වර්ණ සිනමා පටයකි. මෙහි අධ්‍යක්‍ෂණය ධර්මසිරි ගමගේ මහතා වන අතර, නිෂ්පාදනය කළේ නොයෙල් එදිරිසිංහ මහතායි. මෙම වසරේ සරසවිය සම්මාන උළෙලේදී හොඳම ගේයපද රචනය සඳහා ධර්මසිරි ගමගේ මහතා සහ හොඳම ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනී මහත්මිය තෝරා ගනු ලැබීය.

එමෙන්ම හොඳම නිළිය ලෙස මාලනී ෆොන්සේකා මහත්මිය සම්මාන ලැබීය. විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා, අමරසිරි කලංසූරිය, විජය නන්දසිරි, හේමචන්ද්‍ර සේනාරත්න, දොන් සිරිසේන, පියරත්න සෙනරත්, ඩී.වී.සෙනෙවිරත්න, එස්.බී.හේරත්, ටී.ජී.ඩබ්. ද සිලිවා, සීතා ගමගේ, ලීනා ද සිල්වා, ගොතමී පතිරාජ, මියුරි සමරසිංහ යන මහත්ම මහත්මීන් රංගනයෙන් දායක වූහ.


ගායනය: ආචාර්ය නන්දා මාලනී මහත්මිය


ගේයපද: ධර්මසිරි ගමගේ මහතා


සංගීතය: රෝහණ වීරසිංහ මහතා