Adaraye Ulpatha


ආදරයේ උල්පත වූ අම්මා

ආදරයේ උල්පත වූ අම්මා


ආදරයේ උල්පත වූ අම්මා

මා ඔබගේ පුතු වූ…..

ඔබ මතු බුදු වන දවසේ

මා රාහුල කුමරුන් සේ…

සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි…

සුලැගිල්ලේ එල්ලී….

 

සද දිය කොට කිරි වතුරෙන්

ඒ දියරෙන් මුව දොවා…

දිව මතුරක් වන් නැලවිලි ගියෙන්

මතකයි මා නැලවුවා…

ජිවිතයෙන් ජිවිතයක් ගෙනදී

ඒ ජිවිතයට කිරි දී පණ දී…

මා දැඩිකළ අම්මා…

 

තුරුලට ගෙන අත් පා හැඩ ගන්වා

නිදි ගන්වා යහන් ගැබේ..

සිහිනෙන් ගෑ සුවදක් වාගේ

සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ..

දවසින් දවසට සෙනෙහස ලබැඳි

ගෙන දී දිවියට නව පණ ලැබදී…

මා දැඩිකළ අම්මා..

ගායනය හා සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක මහතා

ගේයපද: ප්‍රේමකීර්ති ද අල්විස් මහතා


ගායනය හා සංගීතය:

ආචාර්ය වික්ටර් රත්නායක මහතා


ගේයපද:

ප්‍රේමකීර්ති ද අල්විස් මහතා